බප/මිනු/මාබොදල මහා විද්‍යාලය

පාසලේ ඉතිහාසය

1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම.

වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024

in4.jpeg
in1.jpeg
in2.jpeg

බස්නාහිර පලාතේ මිනුවන්ගොඩ කලාපයේ මිනුවන්ගොඩ කොට්ඨාශයේ පිහිටි මිනු/මාබොදල මහා විද්‍යාලය සියවසකට වඩා උරුමයකට හිමිකම් දරණ පාසලකි. මෙය ක්‍රි.ව. 1889 වර්ෂයේ පමණ ආරම්භ වු බවට ව්‍යවහාරයේ පවතී.මෙම විද්‍යාලයේ ගැහැණු පාසල හා පිරිමි පාසල ලෙස ස්ථාන දෙකක ආරම්භ වී ඇත.ආරම්භයේදී පිරිමි පාසල, දැනට ද්වීතියීක අංශය පිහිටි ස්ථානයට නුදුරු ස්ථානයකත් ගැහැණු පාසල, වර්තමානයේ මාබොදල ශාක්‍යසිංහාරාම විහාරස්ථානය පිහිටි ස්ථානයේත් පැවති බවට පැරැන්නෝ පවසති.ක්‍රි.ව. 1913 වන විට මෙම ගැහැණු හා පිරිමි පාසල් දෙක දැනට ද්විතියීක අංශය පිහිටි ස්ථානයේ දැනටත් පවතින ප්‍රධාන ගොඩනැගිලි දෙකෙහි වෙනවෙනම ගැහැණු පාසල හා පිරිමි පාසල ලෙස ස්ථාපිත වී ඇත.මෙම පාසල් දෙක කම්බි වැටක් යොදා වෙනවෙනම මුල් ගුරුවරු දෙදෙනෙකු යටතේ පාලනය වී ඇත.

මෙම ප්‍රධාන ගොඩනැගිලි දෙක අතර පාසල් භූමිය මධ්‍යයේ වට අඩි 8ක් පමණ විශාලව විරාජමාන දසත මල් සුගන්දය විහිදුවමින් ස්ථාපිතව සිටින සල්ගස එදා වු වැටට මායිමට සාක්ෂි දරයි.අදට ඉතිරි වී ඇති පැරණිම ලිඛිත සාක්ෂි ලෙස පවතිනුයේ ගැහැණු පාසලේ ක්‍රි.ව. 1918 ඊ. මැටිල්ඩා නම් වු මුල් ගුරුතුමිය සටහන් තබන ලද ලොග් සටහන් පොතත් ක්‍රි.ව.1934 ඩී.ජේ. සුභසිංහ නැමති මුල් ගුරුවරයා විසින් සටහන් තබන ලද ලොග් පොතත් වේ.නමුත් පිරිමි පාසලේ ආරම්භක මුල් ගුරුතුමා ලෙස හදුන්වනු ලබනුයේ උඩුගම්පොල මහතා ලෙස හැදින්වූ ඇස්.ඩී. පවුලිස් මහතාය.එම ලොග් සටහන්වල සඳහන් කරුණු අනුව 1918 වර්ෂයේ ගැහැණු පාසලේ ළමුන් 56 ක් හා මුල් ගුරුතුමිය සමඟ ගුරු මහත්මීන් තිදෙනෙක්ද පිරිමි පාසලේ 1934 වන විට 178 ක් හා මුල් ගුරුවරයා සහ තවත් ගුරුවරු 6 දෙනෙක්ගේද නම් සදහන්ව පවතී.

මෙසේ බෞද්ධ පාඨශාලා ලෙස පැවති මෙම පාසල් දෙක 1960 වර්ෂයේ රජයට පවරා ගැනීමත් සමඟ වර්ෂ 1963 ජනවාරි 01 දින සිට ගැහැණු පාසල හා පිරිමි පාසල එකට මිශ්‍ර කර ගැහැණු පාසල, ප්‍රාථමික පාසල ලෙසත් පිරිමි පාසල, ජේෂ්ඨ පාසල ලෙසත් මිශ්‍ර පාසලක් ලෙස පවත්වා ගෙන ගොස් ඇත.

වර්ෂ1979 ජනවාරි 08 වැනිදා වනතුරු වෙනවෙනම පැවති මෙම පාසල්දෙක එදින සිට එක්ලොග් සටහන්පොතක් යටතේ එක් විදුහල්පතිවරයෙකු ප්‍රාථමික අංශය හා ජේෂ්ඨ අංශය ලෙසත්පවත්වාගෙන යයි.

වසර 100 කට වඩා පැරණි මෙම පාසල රැක ගැනීම පාසල් පාසල් ප්‍රජාවගේ අපේක්ෂාව විය යුතු අතර මෙම සංවර්ධනය අප සියළු දෙනාගේම වගකීමකි.

සියවසකට වැඩි අභිමානයත් සමග නැවතත් පිබිදෙමු....