බප/මිනු/මාබොදල මහා විද්‍යාලය

1 ශ්‍රේණියට(2025) සිසුන් ඇතුලත් කරගැනීම.

වාර්ෂික අධ්‍යාපන චාරිකාව 2024

in4.jpeg
in1.jpeg
in2.jpeg

විදුහල්පති පණිවිඩය

එල්.ඩී.පී.ටී. පෙරේරා මිය

බප/මිනු/ මාබොදල මහා විදුහල වසර 100 කට වැඩි අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන බස්නාහිර පළාතේ දිනෙන් දින දියුණු වන පාසැලකි. ශිෂ්‍ය සංඛ්‍යාව කුඩා ප්‍රමාණයක් වුවත් අප පාසලේ දූ පුතුන් ප්‍රාදේශීය, පළාත් හා ජාතික මට්ටමේ දක්ෂතා විදහා පාමින් පාසලට කීර්තියක් අත්පත් කර දීමට නිබඳව කැපවූ සිසු පිරිසකි. අප පාසලේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ වෙබ් අඩවි සංවර්ධන සාමාජිකයින්ගේ විශාලතම කැපවීම සමග බිහිවෙන මෙම අඩවිය මගින්පා පාසලේ විස්තර පිළිබඳව ලොව පුරා දැනුවත් කිරීම අරමුණ වේ. අප පාසල හරහා ශක්තිමත් ගුණාත්මක පරම්පරාවක් ගොඩනැගීම සඳහා ඔබේ උපරිම දායකත්වය ලබාදීමට පාසලේ සංවර්ධනය ප්‍රාර්ථනා කරන සැමට සුහදව ආරාධනා කිරීමට කැමැත්තෙමි.

එල්.ඩී.පී.ටී. පෙරේරා මිය
විදුහල්පති
බප/මිනු/මාබොදල මහා විද්‍යාලය.